FAST NEWS

24×7 Around the Globe

වරාය හිටපු සභාපතිට හා සජීන් ද වාස්ට නඩු.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට සහ වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රමට එරෙහිව නීතිපතිවරයා විසින් අධිකරණය හමුවේ නඩු පැවරීමට තීරණය කර තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන සහ වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශන වාර්තා නීතිපතිවරයා වෙත යොමු කෙරුණි.

ඒ අනුව ඉදිරියේදී සජින් වාස් ට හා ප්‍රියත් බන්දුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතව තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන විසි තුනක් සාපරාධී හා සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව චෝදනා එල්ල විය.

වරායේ හිටපු සභාපතිවරයාට එරෙහි චෝදනාව වූයේ වරායේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමය.
මෙම චෝදනා සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ කොට්ඨාසයද පරීක්‍ෂණ ක්‍රියාත්මක කර තිබේ.