හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලි පෙරේරා මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ මහාධිකරණය විසින් පසුගියදා තම සැමියා ඇතුළු හය දෙනෙකුට ලබාදුන් නඩු තීන්දුව පිළිගත නොහැකි බවයි.
ඊයේ (29) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ශාමලි පෙරේරා මහත්මිය මෙම අදහස් පල කළා ය.
මේ අතර මොහොමඩ් සියාම් මහතාගේ පියා පසුගියදා අධිකරණ භූමියේ දී සිදුකළ ප්‍රකාශය ඊයේ දිනයේ දී වෙනස් කිරීමට හේතුව බලපෑමක් බව ද ශාමලි පෙරේරා මහත්මිය මෙහිදි සඳහන් කළා ය.
එසේම ඉදිරියේ දී අදාළ පුද්ගලයින් හය දෙනා වෙනුවෙන් තමා මාරාන්තික උපවාසයක් ආරම්භ කිරීමට ද සුදානම් බවද ඇය එහිදී සඳහන් කළාය.







