FAST NEWS

24×7 Around the Globe

හමුදා සාමාජිකයින්ට පොදු සමාකාලයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රිවිධ හමුදාවේ නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමාකාලයක් ආරක්‍ෂක අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව 2022.11.15 දින සිට 2022.12.31 දින දක්වා එම පොදු සමාකාලයක් ක්‍රියාත්මකය.

මෙම පොදු සමාකාලය 2022.10.25 දින හෝ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ අයවළුන් සඳහා පමණක් වලංගු වන අතර ඔවුන් වෙතින් අයවිය යුතු යම් මුදලක් වේ නම් පමණක් නීත්‍යානුකූලව ඉවත්වීමට පෙර එම මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බව ආරක්‍ෂක අමාත්‍යංශය සදහන් කරයි.