FAST NEWS

24×7 Around the Globe

කොළඹට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (28) සිට සෙනසුරාදා (29) පෙ.ව. 10.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWS&DB) නිවේදනය කරයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම කාලය තුළ කොළඹ 02, 03, 04, 05, 07, 08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.