FAST NEWS

24×7 Around the Globe

කොළඹට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (28) රාත්‍රී 10 සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්.

කොළඹ 2, 3, 4, 5, 7, 8 සහ 10 යන ප්‍රදේශවලට සෙනසුරාදා (29) පෙරවරු 10 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහනේ අත්‍යාවශ්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් සඳහා මෙම ජල කප්පාදුවට හේතු වී ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.