FAST NEWS

24×7 Around the Globe

පක්ෂ නායක රැස්වීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) රැස්වේ.

මෙම රැස්වීම පෙරවරු 11.30 ට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ආරම්භ වීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

අයවැය ඉදිරිපත් කිරීම සහ අයවැය විවාදය ද මෙම රැස්වීමේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව වාර්තා වේ.