FAST NEWS

24×7 Around the Globe

ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උණ වැළඳීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අන්තර් භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන්ට ඩෙංගු රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

උන් වහන්සේ මේ වන විට එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තාවේ.

උණ වැළඳීම හේතුවෙන් ඊයේ (25) උන් වහන්සේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ජීවන්ත අගෝ. 18 වන දා කොළඹ පැවති විරෝධතාවකදී අත්අඩංගුවට ගැනිණි.

පසුව ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා ගැනීමට අවසර හිමි වුණු අතර හෂාන් ජීවන්ත දින 50කට පසු නිදහස් කෙරිණි.