FAST NEWS

24×7 Around the Globe

ලිට්‍රෝ ගෑස් පාරිභෝගිකයින්ට සුබ ආරංචියක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ගෑස් මිල අඩු කර හැකි බවයි.

එමෙන්ම ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බව ඔහු පැවසීය.

ඔක්තෝබර් මස 05 වන දින කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් රුපියල් 271කින් පහත දැමුණි.

ලිට්‍රෝ කිලෝගෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මේ වන විට රුපියල් 4,280කට අලෙවි වේ.