FAST NEWS

24×7 Around the Globe

ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු තහනම පැෆරල් අගයයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට ව්‍යවස්ථාදායකය නියෝජනය කිරීමට තිබූ හැකියාව ඉවත් කිරීම නව ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතුළත්වූ සාධනීය කරුණක් බව පැෆරල් සංවිධානය සඳහන් කරයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් 20 වන සංශෝධනයේ වෙනස්වූ කරුණු ක්‍රියාවට නැංවීම රජයේ මීළඟ කාර්යය බවයි.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට සහය දැක්වූ පාර්ශවවලට සිය ස්තූතිය පළ කරන බවද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.