FAST NEWS

24×7 Around the Globe

22 දෙවැනි වර කියවීමේ විවාදය අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදය අද (21) දෙවන දිනටත් පැවැත්වේ.

ඒ අනුව දෙවනවර කියවීමේ ඡන්ද විමසීමද අද සවස පැවැත්වීමට නියමිත ය.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (20) අධිකරණ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

පොදුජන පෙරමුණ මෙහි ඇතැම් වගන්ති සඳහා එකඟ නොවන බැවින් සහය නොදෙන බවට පෙර ප්‍රකාශ කර තිබිණ.