FAST NEWS

24×7 Around the Globe

හෙට ජල කප්පාදුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (22) සිට පැය 14ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ කොළඹ 02, 03, 04, 05, 07,08,09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලට බවයි සඳහන් වන්නේ.

මහ කොළඹ ජල හා අපජල කළමනාකරණයේ අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.