FAST NEWS

24×7 Around the Globe

රජය රා පස්සෙත් පන්නයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය සම්පන්න නොවන ආකාරයෙන් හා නීති විරෝධීව රා නිෂ්පාදනය කරන ජාවාරම්කරුවනට එරෙහිව නීතියෙන් කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

මෙරට දෛනික රා අවශ්‍යතාවය ලීටර් 160000ක් පමණ වේ.

නමුත් දෛනිකව සිදුකරන රා නිෂ්පාදනය ලීටර් 45,000කි.

ඉතිරි අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා ජාවාරම්කරුවන් නීති විරෝධී රා නිෂ්පාදනය කරන බව ද සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

රාවල ප්‍රමිතිය සම්බන්ධයෙන් නිසි පරිදි සොයාබැලීම අවශ්‍ය බව ද ඇමැතිවරයා සුරාබදු නිලධාරීන් හමුවේ පැවසීය.