FAST NEWS

24×7 Around the Globe

ෆයිසර් එන්නත් තොගයක් මේ මාසේ කල්පිරෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට කොව්ඩ්-19 වසංගතය වැළැක්වීමට පසුගිය කාලයේදී මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මාත්‍රා තොගය මේ මස 31 වනදායින් කල් ඉකුත් වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මිලියන ගණනක එන්නත් තොගයක් භාවිතයට නොගෙන මේවනවිට රට තුළ ඇත.

එම එන්නත්වල කාල සීමාව දීර්ඝ කළ හැකි බවට නිල දැනුම්දීමක් නොලැබුණහොත් අදාළ එන්නත් අපතේ යාමට වැඩි ඉඩක් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසීය.