FAST NEWS

24×7 Around the Globe

ID එකට නව ගාස්තුව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සම්බන්ධයෙන් වන ගාස්තු සංශෝධනය කර තිබේ.

ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යංශය දක්වා ඇත්තේ නොවැම්බර් 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම සංශෝධන පනවා ඇති බවය.

ඒ අනුව ජාතික හැඳුනුම්පතක් පළමුවරට ලබාගැනීමේ දි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතුවෙයි.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ජාතික හැඳුනුම්පතේ අනුපිටපතක් ලබාගැනීම සඳහා රුපියල් 1000ක ගාස්තුවක් ගෙවිය යුතු බවය.

එමෙන්ම ජාතික හැඳුනුම්පතේ සංශෝධිත අනුපිටපතක් නිකුත් කිරිම සදහා රුපියල් 500ක ගාස්තුවක් ද වලංගු කාලය ඉකුත් වූ ජාතික හැඳුනුම්පතක් වෙනුවට නව ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරිම සඳහා රුපියල් 200ක මුදලක්ද අය කිරිමට නියමිතය.