FAST NEWS

24×7 Around the Globe

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට (10) යෙදී තිබේ.

“සියලුදෙනාගේ මානසික සෞඛ්‍ය සහ යහපැවැත්ම ගෝලීය ප්‍රමුඛතාවය බවට පත්කරමු” යන්න මෙවර මානසික සෞඛ්‍ය දිනයේ තේමාව වේ.

ඒ වෙනුවෙන් වු විශේෂ වන වැඩසටහන් අද ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

ශාරීරික සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍ය ද පුද්ගලයෙකුගේ යහපත් ජීවන පැවැත්මට අතිශය වැදගත් සාධකයක් බවත් යම්කිසි පුද්ගලයෙකු මානසික ගැටලුවකින් පීඩාවට පත්ව සිටී නම් 1926 දුරකථන අංකය අමතා ඉන් මිදීමට අවශ්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව පවතින බව ද වෛද්‍ය නර්මදා ගුණතිලක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම මානසික සෞඛ්‍ය ප්‍රවර්ධන පාපැදි සවාරියක් ඊයේ (09) දිනයේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් සංවිධානය කර තිබුණි.