FAST NEWS

24×7 Around the Globe

තිළිණි පියුමාලි සතුව තිබී ජංගම දුරකතනයක් සොයා ගැනෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රිමාන්ඩ් භාරයේ පසුවන මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති තිලිණි ප්‍රියමාලි නම් කාන්තාව සන්තකයේ තිබී ජංගම දුරකතනයක් හමු වී තිබෙනවා.

බන්ධනාගාර හදිසි ප්‍රතිචාර බලකාය විසින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශය සෝදිසි කිරීමේදී මෙය හමුවී ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.