FAST NEWS

24×7 Around the Globe

පළාත් පාලන සභික ගණන අඩකින් අඩු කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව 8000 සිට 4000 දක්වා අඩු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

මෙි අනුව ප්‍රාදේශීය සභා, මහ නගර සභා, නගර සභා සභික සංඛාව අඩකින් අඩු කෙරෙනු ඇත. ජන සභා වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙිදී ඉහත පියවර ගැනීමට අදහස් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.