FAST NEWS

24×7 Around the Globe

වප් පුර පසළොස්වක පොහොය දිනය අද 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (09) යෙදී තිබේ.

වස්සාන සමයේ පෙරවස් එළඹුනු භික්ෂූන් වහන්සේ තෙමසකින් වස් පවාරණය කිරීම අද වැනි පොහොය දිනකදී සිදු කෙරේ.

සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කෙරූ බුදුරාජණන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිව සංකස්සපුරයට වැඩම කර මහා පෙළහර පාමින් වැඩසිට ඇත්තේ ද අද වැනි පොහොය දිනක බව සඳහන් ය.

සැරියුත් මහ නාහිමියන් ප්‍රඥාලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම මෛත්‍රී බෝ සතාණන් ගෞතම බුදු සසුනෙහි පැවිදි වීම ඇතුළු ශාසනික සිදුවීම් කිහිපයක් හේතුවෙන් මෙම පොහොය දිනය ලෝකවාසී බෞද්ධයන්ට වැදගත් වේ.

“කළුවර වප් පොහොය” ලෙස අද රාත්‍රී 06 සිට රාත්‍රී 10 දක්වා සියලු විහාරස්ථානවල විදුලි පහන් නිවා විරෝධය දැක්වීමේ වැඩපිළිවෙළ අත්හිටුවීමට තීරණය කර තිබේ.

වෙහෙර විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන පොදු කාර්ය කාණ්ඩය යටතට පත්කර විදුලි ඒකකයක මිල රුපියල් 32 ක් දක්වා පහත දැමීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කිරීම හේතුවෙන් එම ක්‍රියාමාර්ගය අත්හිටවූ බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි සඳහන් කළහ.