(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති ජනතාවගේ පෝෂණය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ ඒ සදහා සොයා බැලීමට විශේෂ කාර්ය සාධක බලකායක් පිහිටුවීමටයි. මේ අතර, 2022 – 2024 සදහා හදිසි පෝෂණ සැලැස්මක්ද ක්‍රියාත්මක කෙරේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් එම කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම, දිවයිනේ සෑම රෝහලකටම ආහාර ලබාදීමේ වැඩසටහන කාර්යක්ෂම කරන ලෙසද එහිදී කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත උපදෙස් ලබා දී තිබෙනවා.








