FAST NEWS

24×7 Around the Globe

නව වැඩබලන අගවිනිසුරුවරයකු පත් කෙරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගවිනිසුරු ජනාධිපති නීතීඥ ජයන්ත ජයසූරිය මහතා විදෙස් ගත වීම හේතුවෙන් වැඩ බලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතීඥ පී.බී. අළුවිහාරේ පත්කර තිබේ.

ඊයේ රැස්වූ පාර්ලිමේන්තු සභාව මෙම පත්කිරීමට එකඟතාව පළ කර ඇති අතර අද (08) සිට ලබන 13 වනදා දක්වා කාලසීමාව තුළ ඔහු එම ධුරයේ වැඩබැලීම සිදු කරයි.