FAST NEWS

24×7 Around the Globe

පාසල්වලට ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල් සඳහා ළමුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ වෙනසක් සිදු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

ඒ අනුව ලකුණු නියමනට අයත් කිසිඳු පාසලක පළමු ශ්‍රේණියෙන් පසු උසස් පෙළ දක්වා පාසල් සඳහා ඇතුළත් කිරීම වළක්වාලමින් චක්‍රලේඛයක් නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පාසල්වල ගුරුවරුන්ට පන්තිකාමරවල ඉගැන්වීමට නොහැකි තරම් සිසුන් පිරිසක් එක් පන්තියක සිටින මට්ටමකට මේ වන විට පැමිණ ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.