FAST NEWS

24×7 Around the Globe

පියා හා පුතුන් වෙඩි තබා ඝාතනය කරයි

(ෆාස්ට් නිව්ස් |  ගම්පහ) – ගම්පහ, මිනුවන්ගොඩදී සිදුකළ වෙඩි තැබීමකින් පියෙකු හා ඔහුගේ පුතුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

අද පෙරවරු 7.00ට පමණ ටී. 56 ගිනි අවියක් යොදාගෙන මෙම ඝාතනය සිදුකර තිබේ.

පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. මෝටර් රථයකින් හා යතුරු පැදියකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබිම සිදුකර තිබේ.

පුතුන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පියා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.