FAST NEWS

24×7 Around the Globe

කෝපා කමිටුවේ සභාපතිකම කබීර් ට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාවේ (COPA) සභාපතිවරයා ලෙස සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පත් කර තිබෙනවා.

ඒ සඳහා එකඟතාවකට පැමිණ සිටින බව යි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග පවසන්නේ.

එම පත් කිරීම අද සිදු කරන බව ඔහු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.

විපක්‍ෂය දිගින් දිගට ම ඉල්ලා සිටියේ, කෝපා සහ කෝප් කමිටු සභාපතිකම විපක්ෂයට ලබාදිය යුතු බව යි.