FAST NEWS

24×7 Around the Globe

තෙල් මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි ක්‍රමික ඉහළ යාමක් මේ වනවිට පෙන්නුම් කරනවා.

ඒ අනුව සැප්තැම්බර් මාසය අවසන් වනවිට ඩොලර් 85යි ශත 14ක් ලෙස සටහන් වූ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 92කට ආසන්න වී තිබුණා.

සැප්තැම්බර් අවසන් සතියේ දී වරක් එය ඩොලර් 82 දක්වා ද පහත වැටී තිබීම විශේෂත්වයක්.

ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ද සැප්තැම්බර් අවසන් සතියේ ඩොලර් 78ක් ලෙස සටහන් වුවත් ඊයේ (04) වන විට ඩොලර් 86 දක්වා ඉහළ ගොස් තිබුණා.