FAST NEWS

24×7 Around the Globe

ආහාර ප්‍රතිපත්ති කමිටුවට කැබිනට් අනුමැති

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීම වෙනුවෙන් වූ “ආහාර ප්‍රතිපත්ති කමිටුව” පිහිටුවීමට ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

යෝජිත ප්‍රතිපත්ති කමිටුව මගින්, සැපයුම මිල ගණන් සහ අලෙවිකරණය පිළිබඳ කෙටිකාලීන ගැටලු මෙන් ම සැපයුම්දාම, මෙහෙයුම්දාම මෙහෙයුම් සම්බන්ධයෙන් නිෂ්පාදකයින්, වෙළෙඳුන් හා පාරිභෝගිකයින් අතර විශ්වාසය ගොඩනැගීම හා දිගුකාලීන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කිරීම රජය අපේක්ෂා කරනු ලබනවා.