FAST NEWS

24×7 Around the Globe

ත්‍රීවිල් ගාස්තු අඩුවෙන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ත්‍රිරෝද රථ සදහා ලබා දෙන ඉන්ධන කෝටාව ලීටර් 15 ක් දක්වා ඉහළ දමන ලෙස කළ ඉල්ලීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාගෙන් සුබවාදි ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බව සමස්ථ ලංකා ත්‍රිරෝද රථ සංගමය අවධාරණය කරයි.

එම සංගමයේ සභාපති සුදිල් ජයරුක් කියා සිටියේ ලබා දෙන ඉන්ධන කෝටාව වැඩිකළහොත් ඉහළ දමන ලද ත්‍රීවිල් ගාස්තුද අඩු කිරීමට හැකි වනු ඇති බවය.