FAST NEWS

24×7 Around the Globe

තේ ඵලදාව අඩු වෙන ලකුණු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තේ වගාව සඳහා අවශ්‍ය රසායනික පොහොර සහනදායී මිලට ලබාදෙන ලෙස තේ වගාකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

පොහොර මිල අධිකවීම හේතුවෙන් සිය වගා කටයුතු සිදුකරගෙන යාම මේ වනවිට ගැටළුසහගත තත්ත්වයකට පත් වී ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වල්ලබගල – උඩුවිල තේ වගාකරුවන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් තේ ඵලදාව අඩු වී ඇති බවයි.