FAST NEWS

24×7 Around the Globe

අහුංගල්ලේ වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල

(ෆාස්ට් නිව්ස් |  අහුංගල්ල) – අහුංගල්ල, බෝගහපිටිය ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකුට ඊයේ (23) රාත්‍රියේ වෙඩි තබා තිබේ.

පොලිසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා බලපිටිය රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බව ය.

අදාළ පුද්ගලයින් දෙදෙනා බෝහගපිටිය, ඌරගහ මාර්ගයේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඔවුන් වයස අවුරුදු 24ක් සහ 29ක් වන අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.

වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර වෙඩි තැබීම සඳහා බෝර 12 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇතැයි පොලිසිය සැක කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.