FAST NEWS

24×7 Around the Globe

සිපෙට්කෝ පිරවුම්හල් දැඩි අසීරුතාවයක

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඛනිජ තෙල් සංස්ථාවෙන් අත්පිට මුදලට ඉන්ධන ලබාගැනීමේදී බැංකුවලින් නිකුත් කරන අයිරා පහසුකම් සහ ණය සඳහා පොලී අනුපාත සීඝ්‍ර ඉහළ දැමීම හේතුවෙන් පිරවුම්හල් පවත්වාගෙන යාමට නොහැකි තත්වයකට පත්ව ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න අද (23) පෙරවරුවේ පැවසීය.

බැංකු ආයිරා සඳහා අය කරන පොලිය 34%ක් දක්වා ඉහළ දමා ඇති බව ඒ ඔහු සදහන් කළේය.

සිපෙට්කෝ පිරවුම්හල්වලට ප්‍රමාණවත් ඉන්ධන තොග නොලැබීමත් කිව්.ආර්. කේතයට බස් රථ, ලොරි රථ සහ වෙනත් ඉන්ධන අවශ්‍යතා සදහා නිකුත් කිරීමට සංස්ථාව තවමත් අපොහොසත්වීම නිසා පිරවුම්හල් තවදුරටත් අපහසුතාවට පත්ව ඇති බව ද නාඔටුන්න වැඩිදුරටත් කීය.