FAST NEWS

24×7 Around the Globe

රුසියානු සොල්දාදුවන් විසින් රඳවාගෙන සිටි ලාංකික සිසුන් හත් දෙනෙකු බේරා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වීඩියෝ මාධ්‍ය හමුවකදී යුක්රේන ජනාධිපති Vladmyr Zelensky කියා සිටියේ මාර්තු මාසයේ සිට රුසියානු සොල්දාදුවන් විසින් රඳවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු බේරාගත් බවයි.

“Kharkiv හි Kupyansk වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශ්‍රී ලාංකික පුරවැසියන් හත් දෙනෙකු බේරා ගැනුණා. යුක්රේනය ආක්‍රමණය කළ මාර්තු මාසයේ සිට ඔවුන් රුසියානු සොල්දාදුවන් විසින් රඳවාගෙන සිටියහ, ”සෙලෙන්ස්කි පැවසීය.