FAST NEWS

24×7 Around the Globe

ආසියානු දැල් පන්දු ශූරියන්ට නාවික හමුදාවෙන් උසස්වීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ නාවික හමුදා ක්‍රීඩිකාවන් හට නාවික හමුදාවෙන් උසස්වීම් ලබාදී තිබෙනවා. ඒ, නාවික හමුදාවේ කීර්තිය ඉහළ නංවමින් රටට මහත් අභිමානයක් ගෙනදීමට සිදුකළ සුවිශේෂී දායකත්වය අගය කරමින්.

ඒ අනුව එම ක්‍රීඩිකාවන් මෙතෙක් දැරූ නිළයට අනුව ඔවුන් ඊළඟ නිළය දක්වා උසස් කිරීමටයි නාවික හමුදාව කටයුතු කර ඇත්තේ. මීට අමතරව නාවික හමුදා ක්‍රීඩිකාවන් වෙත රුපියල් දෙලක්ෂ 50,000 ක මුදල් ත්‍යාග ද පිරිනමා තිබෙනවා.

ආසියානු රටවල් 11 ක සහභාගීත්වයෙන් සිංගප්පූරුවේදී පැවති 12 වන ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් මහා තරඟයෙන් සත්කාරක සිංගප්පූරුව ලකුණු 63 ට 53 ක් ලෙස පරාජය කරමින් ආසියානු දැල්පන්දු ශූරතා කුසලානය අපරාජිතව දිනාගැනීමට ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමත් වුණා.