FAST NEWS

24×7 Around the Globe

මුහුදේ දිය නෑමට ගිය දෙදෙනෙක් ජිවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | මාගල්කන්ද ) – මාගල්කන්ද මුහුදේ දියනෑමට ගිය තරුණයින් තිදෙනෙක් රළ පහරට අසුව ගසාගෙන ගොස් ඇති අතර, ඉන් දෙදෙනෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද උදෑසන මෙම අනතුර සිදුව තිබේ. බේරාගත් පුද්ගලයෙක් බේරුවල දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබේ. අනිත් දෙදෙනාගේ සිරුරුද සොයාගෙන තිබේ. අවුරුදු 17,18 හා 19 වන වියේ පසුවන තරුණයින් තිදෙනෙක් මෙසේ දියේ ගිලි තිබුණි.