FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මන්ත්‍රීවරු අටකට විනය පියවර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මධ්‍යම කාරක සභාවේ තීරණයට පටහැනිව ඇමැති ධුර ලබාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු අටදෙනකුට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට පක්ෂ නායකත්වය තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර ඇත්තේ වත්මන් ආණ්ඩුවේ කිසිදු ඇමැති ධුරයක් ලබා නොගැනීමටයි. එම තීරණයට පටහැනිව නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර යන මන්ත්‍රිවරු කැබිනට් ඇමැති ධුර ලබාගත්හ. ඉන්පසු රංජිත් සියඹලාපිටිය, චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර යන මන්ත්‍රිවරු රාජ්‍ය ඇමැති ධුර ලබාගත්හ.

කෙසේ වෙතත් පක්ෂ සභාපතිවරයාට ලැබී ඇති බලතලවලට අනුව ඉදිරි දිනවලදී විනය පරීක්ෂණ පවත්වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස තහවුරු කළේය.