(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා දිවයිනට පැමිණ තිබේ.
ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් මාර්ටින් චොන්ගොන් මහතා ඊයේ (11) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණි බව වාර්තාවේ.
ඔහු ඇතුළු ධුත පිරිස පිළිගැනීම සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍යවරයාව සිටියදී කළ ආරාධනයකට අනුව මාර්ටින් චොන්ගොන් මහතාගේ සංචාරය සිදුවන බව සඳහන්ය.
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් මාර්ටින් චොන්ගොන් මහතා, මෙම සංචාරය තුළදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන යන මහත්වරුන් සමග සාකච්ඡා කිරීමට නියමිතය.
අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා, සභානායක සුසිල් ප්‍රේමජයන්ත සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් හමුවීමට ද සැලසුම් කර තිබේ.








