FAST NEWS

24×7 Around the Globe

සමන්තා පවර් ජනපති හමුවෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, මේ වන විට ජනාධිපති කාර්‍යාලයේදී ජනාධිපතිවරයා හා ඇය අතර අතර නිල සාකච්ඡා සිදුවෙමින් පවතින බව ය.

එම සාකච්ඡාවට අමෙරිකානු තානාපති ජූලි චන්ග් සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ මාණ්ඩලික ප්‍රධානී සොනාලි කෝර්ඩේ ද එක්ව සිටිති.

සමන්තා පවර් ඊයේ (10) පෙරවරුවේ දිවයිනට පැමිණියේ දෙදින නිල සංචාරයක් සඳහා ය.

ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුද සම්බන්ධයෙන් එහිදී ඇය දැඩි අවධානයක් යොමු කරනු ඇත.