FAST NEWS

24×7 Around the Globe

බිනර පුර පසළොස්වක පෝය අදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද බිනර පුර පසළොස්වක පොහොය දිනයයි. ආගමික මෙන්ම ශාසනික වශයෙන්ද වැදගත් කටයුතු රාශියක්ම බිනර පුරපසළොස්වක පොහොය දිනයේදී සිදු වී තිබේ.

බමුණු සමාජයේ පීඩනයන්ට හසු වී අසරණ වූ වනිතාවන්ගේ අඳුරු දිවියේ දොරගුළු විවරකර ඔවුන්ටද සැනසීම උදාකිරීමට දායක වූ පොහොය දිනයක් ලෙසද බිනර පොහොය හැඳින්වීමට පුළුවන.

ආනන්ද හිමිගේ බලවත් උත්සාහය මත කරුණු පහදා දී මහා ප්‍රජාපතී ගෝතමිය ප්‍රධාන කාන්තාවන්ට බුදු සසුනේ නිවන් මඟා විවෘත කළ බවත් සාශන ඉතිහාසයේ සඳහන් වෙයි.

එහිදී පැවිද්ද අවශ්‍ය නම් අෂ්ඨ ගරු ධර්ම පිළිගත යුතු බව එහිදී බුදු හිමියන් වදාළ බවත් මහා ප්‍රජාපති ගෝතමී එය පිළිගැනීමෙන් පසු පැවිද්ද ලබාගැනීමට හැකි විය. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිස ආරම්භ වන්නේ ද අද වැනි පෝය දිනකය.