FAST NEWS

24×7 Around the Globe

ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙවන එළිසබෙත් රැජින ඊයේ පස්වරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. මේ බව බකිංහැම් මාලිගය ඊයේ පස්වරුවේ නිවේදනය කළා.

ඒ වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ශෝක පණිවිඩය රාජකීය පවුලට සහ එක්සත් රාජධානියේ ජනතාවට පළකර තිබෙනවා.

මේ අතර රැජිනගේ අභාවය වෙනුවෙන් අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබෙනවා.

රැජිනගේ දේහය හෙට ලන්ඩනය වෙත රැගෙන එන බවයි වාර්තා වන්නේ. ඇය බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයයේ වැඩිම කලක් කිරුළ දැරූ රැජිනයි. රැජින අභාවප්‍රාප්ත වන විට 96 හැවිරිදි වියේ පසුවිය. වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ හිස දරාගත් ඇය වසර 70ක් පුරා සේවය කර තිබෙනවා.