(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගිය සති කිහිපය තුළ ඇති වූ විනාශකාරී හදිසි ගංවතුර ව්‍යසනයෙන් අනතුරුව පාකිස්තානයේ ගංවතුරෙන් විපතට පත් වූවන් සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලංකා තේ තොගයක් පරිත්‍යාග කර තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා විසින් විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පාකිස්ථාන මහ කොමසාරිස් උමාර් ෆාරුක් බුර්කි වෙත අදාළ තේ තොගය භාර දී තිබෙනවා.
මෙම හමුවේදී අමාත්‍යවරයා ගංවතුරෙන් විපතට පත් වූවන්ගේ පවුල්වලට සහ තුවාල ලැබූ සහ විපතට පත් වූවන්ට ශෝකය පළ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
පාකිස්ථානයට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ සහයෝගය සහ සහයෝගීතාවය ද අමාත්‍ය සබ්රි රට වෙනුවෙන් ප්‍රකාශ කොට ඇත. විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම හමුවට එක්ව ඇත.








