FAST NEWS

24×7 Around the Globe

ලබන 15න් පසුව තිරිගු පිටි හිඟය අවසන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලබන 15 වනදායින් පසුව පවතින තිරිගු පිටි හිඟය අවසන් වනු ඇති බව විශ්වාස කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් සෙනෙවිරත්න පවසා ඇත.

තුර්කියේ සිට තිරිගු පිටි ආනයනය කරන බව ඔහු පවසනවා.

තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 450 දක්වා ඉහළ ගියහොත් ග්‍රෑම් 450හේ පාන් ගෙඩියක මිල රුපියල් 350 දක්වා ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

මෙම තත්වය වළක්වා ගැනීම සඳහා රජය කඩිනම් පියවර නොගන්නේ නම්, ඔවුන් මෙන්ම පාරිභෝගිකයන්ද දැඩි අසීරුතාවට පත්වන බව ඔවුන් පෙන්වා දෙනවා.

තිරිගු පිටි මිල ඉහළ යාම හමුවේ මේ වනවිට දිවයින පුරා විවිධ මිල ගණන් යටතේ පාන් අලෙවි වන අතර මෙම තත්වය හමුවේ පාන් පරිභෝජනයෙන් ඉවත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව පාරිභෝගිකයන් පෙන්වා දෙනවා.