FAST NEWS

24×7 Around the Globe

IMF එකඟතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සජිත් ඉල්ලයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවය පාර්ලිමේන්තුව ට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මහතා අද (06) පාර්ලිමේන්තුවේ දී ඉල්ලීමක් කළේය.

පාර්ලිමේන්තුවේ මූල්‍ය බලතල කේන්ද්‍ර කරගෙන එම එකඟතාවය සභාගත කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස ද විපක්ෂ නායකවරයා මෙහිදී ඉල්ලා සිටියේය.

“කරුණාකරලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති වූණු මාණ්ඩලික එකඟතා ගිවිසුම සභාගත කරන්න. එවිට එම ගිවිසුමේ අන්තර්ගතය පිළිබඳව අපටත් රටටත් යම් අවබෝධයක් ලබාගත හැකි වෙයි. ඒ වගේම අපට හැකියාව ලැබෙනවා එය පරිශීලනය කරලා රටට වඩාත් ප්‍රගතිශීලි ක්‍රියාමාර්ග කවරේද පිළිබඳ අපේ මතයත් ඉදිරිපත් කරන්න.”