FAST NEWS

24×7 Around the Globe

අයහපත් කාලගුණය : පාසල් සිසුවා මරුට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ අතුරු මාර්ගයේ කාණුවකට ඇද වැටී සිර වී සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු මිය ගොස් තිබේ.

අද (05) දහවල් 2.00ට පමණ පාසල නිමා වී අතුරු මාර්ගය ඔස්සේ සිය නිවසට යමින් සිටි මෙම සිසුවා මාර්ගයේ පටු ස්ථානයකදී එම මාර්ගයේ පැමිණි වාහනයකට ඉඩ දීම සඳහා කාණුවේ ගැට්ට මතට ගොඩවන විට ඔහුගේ පය ලිස්සා ඒ තුළට ඇද වැටී ඇති බව වාර්තාවේ.

කුරුණෑගල මහ නගර සභාවේ සේවකයින්, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව මහත් පරිශ්‍රමයක් දරා එම පාසල් සිසුවා ගොඩට ගෙන තිබේ.

මුදා ගැනීමෙන් පසුව ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ෂයට පත් වී ඇත.