FAST NEWS

24×7 Around the Globe

වැස්සෙ අඩුවක් ගැන කාලගුණයෙන් දැනුම්දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින තද වැසි තත්ත්වයේ අඩු වීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව කියයි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රිකකවලත් විටන් විට වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රිකකවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඌව සහ නැහගනහිර පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකියි.

මධ්‍යම කඳුකරහේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට පැයට කිලෝ මිටර් 50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාගෙන් කාරුණිකව ඉල්ලා සිටි.