FAST NEWS

24×7 Around the Globe

ලබන මාර්තුවේ පුංචි ඡන්දය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පළාත් පාලන මැතිවරණය ලබන මාර්තු මාසය පමණ වන විට පැවැත්වීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා කීය.

පළාත් පාලන මැතිවරණය 2018 පැවති අතර 2022 දී කාලය අවසන්වීමට නියමිතව තිබුණත් ඇමතිවරයාට ඇති බලතල යටතේ 2023 දක්වා ඒවායේ කාලය දික් කරනු ලැබීය.

මැතිවරණ කොමිසමට ඇති බලතල යටතේ සැප්තැම්බර් 20 න් පසු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පැවැත්වීමට හැකියාව ඇති බවද නීතිඥ පුංචිහේවා මහතා කීය.

ඡන්ද හිමි නාම ලේඛන ඔක්තෝම්බර් 31 වන දිනෙන් සහතික කරනු ලබන නිසා ඉන්පසුව දිනකදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බව ඔහු කීය.