FAST NEWS

24×7 Around the Globe

බස් රථයක් පෙරළී 18ක් රෝහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නුවරඑලිය උඩුපුස්සැල්ලාව සිට මඩකලපුව දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රධාන මාර්ගය හරහා පෙරලිමෙන් බස් රථයේ ගමන් ගත් 18 දෙනෙකු තුවාල ලබා වලපනේ ප්‍රාදේශිය රෝහලට සහ රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බව වලපනේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ඩි.හෙට්ටිආරච්චි මහතා පැවසිය.

මෙම අනතුර අද (30) උදැසන 10.30 ට පමණ සිදුවි ඇත්තේ උඩුපුස්සැල්ලව වලපනේ ප්‍රධාන මාර්ගයේ වලපනේ මහව්ව වංගුව ප්‍රදේශයේදිය.

මඩකලපුවේ සිට උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ පැවති විවාහ මංගල උත්සවයකට පැමිණි පිරිසක් එම උත්සවය අවසන් වි ආපසු මඩකලපුව දක්වා ගමන් කරමින් සිටියදි අධික බැවුමක් සහිත ප්‍රදේශයේදි බස් රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලි ගොස් ඇති බවයි මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා කියා සිටියේ.