(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඊයේ (29) රාත්‍රී මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීම හේතුවෙන් රෝහල්ගත කර සිටි වයස අවුරුදු 26 ක තරුණයා මිය ගොස් තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණ පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර මත්ද්‍රව්‍ය හා බැඳුණු සංවිධානාත්මක අපරාධකරුවන් අතර ඇතිවී තිබෙන ආරවුල් හේතුවෙන් මෙම වෙඩි තැබීම් සිදුකර ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.








