FAST NEWS

24×7 Around the Globe

තිරිඟු පිටි මිල ඉහළ යාමෙන් බේකරිවල් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   මේ වනවිට වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 350 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙර තිරිඟු පිටි කිලෝග්‍රෑමයක් අලෙවි වූයේ රුපියල් රුපියල් 84ක් වැනි මිලකටයි.

තොග වෙළෙඳපොළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 50 ක් මේ වනවිට රුපියල් 17,000 ඉක්මවා අලෙවි කෙරෙන බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පැවසුවේ ය.

එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ, වත්මන් තත්ත්වය යටතේ දිවයින පුරා බේකරි 2,000කට අධික සංඛ්‍යාවක් වැසීගොස් ඇති බවයි.