FAST NEWS

24×7 Around the Globe

අද දිනයේ කාලගුණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ඉදිරි දින කිහිපය තුළ ඌව, නැගෙනහිර, උතුරු මැද හා උතුරු පළාත්වලට සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේදී බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව ඒම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විදයා දෙපාර්තමේන්තුව අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

උෘව, නැගෙනහිර, උතුරුමැද හා උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75කට වැඩි තරමක තද වර්ෂාපතනයත් ඇතිවිය හැකි බවද ඒම නිවේදනයේ දැක්වෙයි.

දෘෂ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේීදී අද දහවල් 12.11ට මන්නියකුලම්, අරිවියල් හා වලෛයන්මදම් ප්‍ර දේශවලට හිරු මුදුන්ව පවතින බවද ඒම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.