FAST NEWS

24×7 Around the Globe

‘ඕනෑ තරම් තෙල් තියෙනවා’ – සිපෙට්කෝ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුලු සියලු ඉන්ධන තොග කිසිදු හිඟයකින් තොරව බෙදා හැරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව සිපෙට්කෝ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කර ඇති අතර එය අඛණ්ඩව ඉන්ධන නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ඔවුන් කියා සිටින්නේ.

ඒ අනුව ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් ඇතුළු සියලුම ඉන්ධන සපුගස්කන්ද පිරිපහදුවේ නිෂ්පාදනය කෙරෙනු ඇති.

එමෙන්ම ආනයනික ඉන්ධන කොළොන්නාව හා මුතුරාජවෙල යන ඉන්ධන පර්‍යන්තයන්හි පවතින බව ද සිපෙට්කෝ නිවේදනය කරනවා.