FAST NEWS

24×7 Around the Globe

‘ඉන්ධන නොලැබුණොත් අපි අතරමං

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට දිනය ඇතුලත සිය වාහන සඳහා ඉන්ධන ලබා නොදුනහොත් සඳුදා සිට ළමුන් පාසල් වෙත රැගෙන යා නොහැකි වන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.

එහි සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ මේ හේතුවෙන් පාසල් ළමුන් ප්‍රවාහනය කරන රථ සඳහා ඉන්ධන ලබාදීමට කඩිනමින් බලධාරීන් කටයුතු කල යුතු බවයි.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයේ ඩිපෝ වලින් ඉන්ධන ලබාදෙන ලෙසටද මෙහිදී ඉල්ලීමක් කළා.