FAST NEWS

24×7 Around the Globe

“ශ්‍රි ලංකාව මන්දපෝෂණයෙන් 6 වැනි තැන”

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – UNICEF විසින් වාර්තා කරන ලද පරිදි, ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් 6 වන ස්ථානයේ සිටී.

දකුණු ආසියාවේ උග්‍ර මන්දපෝෂණයට මුහුණ දෙන රටවල් අතර ශ්‍රී ලංකාව 2 වැනි ස්ථානයට පත්ව ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.

මේ රටේ සෑම දරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකුට දැනටමත් යම් ආකාරයක හදිසි ආධාර අවශ්‍ය බව එම සංවිධානය පවසයි.

රටේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ මතුව ඇති ජීවන වියදම ඉහළ යාම ජනතාවගේ ආහාර රටාවට දැඩි ලෙස බලපා ඇති බවද ඔවුන් සඳහන් කරනවා.

දිනෙන් දින ඉහළ යන ආහාර මිලත් සමඟ පෝෂ්‍යදායී ආහාර වේලක් නොමැතිකම සහ ආහාර මිල දී ගැනීමට නොහැකි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ පවුල් දෛනික ආහාර වේල මඟහරින බව යුනිසෙෆ් පෙන්වා දෙයි.